How to Create a Subtittle for Movies - චිත්‍රපටයකට සිංහල උපසිරැසි කරන්නේ මෙහෙමයි - සරලවම


එක එක අය තමන්ගේ කැමැත්ත අනුව විවිධ දේවල් කරනවා සමහර විට විනෝදාංශයක් විදියට එහෙමත් නැත්නම් ජනප්‍රිය වෙන්න. 
උදාහරණයක් විදියට Video Editing, Photography,Audio Dj කරනවා , blog ලියනවා වගේ දේවල්.   
 මම අද ඔයාලට කියල දෙන්න ඕනැම භාෂාවක චිත්‍රපටයකට (movie) සිංහල උපසිරැසක් (Subtitle) කරන්නෙ කොහෙමද කියලා..... ඇත්තටම මේක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා.
හරි මං මේක කරන විදිය සරලවම කියල දෙන්නම්. 




අපිට මේ විදියට ඕනම භාෂාවක Movie එකකට සිංහල Sinhala sub එකක් හදාගන්න පුළුවන්... :-D

 * මුලින්ම අපි සිංහලට පරිවර්තනය කරන්න හිතාගෙන ඉන්න movie එකේ English Sub එක අවශ්‍ය වෙනවා.


* ඒක අපිට google Search කරලා ලේසියෙන්ම ගන්න පුළුවන්..



http://www.moviesubtitles.org/ එකෙන් තමයි මං ගත්තේ.
හරි දැන් ඔය විදියට Download කරගත් ෆයිල් එක Extract කරගන්න.
***************************************************

* දැන් ඔය විදියට  English Sub එක දැකගන්න ලැබෙයි ඒක Right Click කරලා Open With ගිහින් notepad එකෙන් open කරගන්න.

( සැ.යු :- උපසිරැසි නිර්මාණය කිරීමට බෙහෝ මෘදුකාංග පවතී )

* ඊට පස්සේ මේ විදයට ඔයාට Time line සහ දෙබස් ටික දැක ගන්න ලැබෙයි. 
* දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගේ English දැනුම භාවිතා  කරලා ඔය English වචන ටික චිත්‍රපටයට ගැලපෙන විදියට පරිවර්තන කරන්න.
  (ඒ භාෂාව පිළීබද ගැටලුවක් ආවොත්  Google Translate වලින් උදව් ගන්න පුළුවන් )

*හරි දැන් ඔයලා  පරිවර්ථනය  කරගත්ත උපසිරැසිය Save කරගන්න ඕනනේ... ඒකට File > Save ගිහින් English Sub එක Replace වෙන්න Save කරන්න ඒක ලේසියි ඔයාලට
 ( එහෙමත් නැත්නම් CTRL+S එකවර press කරන්න.)

අහ් කියන්න අමතක වුණා සිංහල අකුරු ටයිප් කරද්ද සිංහල Unicode භාවිතා කරන්න ඕන. සිංහල font එකක් දාලා හරියන්නෙ නෑ... මං හිතනවා ඔයාල ළග ඇති කියල නැත්නම් ලින්ක් එක ඕන අය කියන්න....  

*** දැන් ඔයාට පුළුවන්  www.baiscopelk.com , www.zoom.lk වගේ සයිට් එකකට සම්බන්ධ වෙලා ඔයාගේ උපසිරැසි යාළුවෙත් එක්ක බෙදා ගන්න..
*** එහෙමත් නැත්නම් www.zippyshare.com වගේ සයිට් එකකට Free Upload කරලා FB,G+ වගේ Social Media වලින් ලින්ක් Share කරලා යළුවන් එකක් බොදා ගන්නත් පුළුවන්....
________________________________________________________________
: මම ගොඩක් කාලෙකින් මේ වගේ ලිපියක් ලිව්වේ. අඩු පාඩුත් ඇති.  ඔයාලට ගැටලුවක් තියෙනවානම් පහලින් Comment කරන්න. මං අනිවා උදව් කරන්නම්....
 ඔයාලත් මේ ගැන දන්න දේවල් අනිත් අයට දැනගන්න පහළින් දාන්න..

0 ප්‍රතිචාර (Comment):