Hacker කෙනෙක් වෙන්න කැමතිද? - 01

ලංකාවේ ගොඩක් අය කැමති මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.
1 කවුද HACKER කියන්නෙ ?
2 මොකක්ද HACKING කියන්නේ.?
3 Hacker කෙනෙක් වෙන්නෙ කොහොමද?
1-Hacking-------> හැකින් කියන එකේ තේරුම තමා සරලවම CODE එකක තියෙන දුර්වල කමක් (A VULNERABILITY) අදුනගෙන ඒකෙන් ප්‍රයෝජන ගැනීම.(EXPLOITATION)
2-A Hacker -------> මේ දෙය කරන කෙනාට අපි කියනවා හැකර් කෙනෙක් කියලා.
Black hat/white hat/Grey hat වගේ ගොඩක් හැකින් කරන අය තමන්ව හදුන්වා දෙනවා. මන් ඒගැන කතාකරන්න යන්නෙ නෑ. මොකද එය තීරණය වන්නේ ඔබ මේ technics යොදාගන්නේ කොහොමද කියන එක අනුවයි.
වඩා වැදගත් වන්නේ ඔබ script kiddie/elite යන දෙකෙන් කරන තෝරා ගැනීමයි.එමනිසා එය ගැන සලකමු.


Then, අපි බලමු elite hacker කෙනෙක් වෙන්න කරන්න ඔනේ මොනවද කියලා.
===================================
Step 1------> Learn Programming
හැකින් වලට ප්‍රෝග්‍රෑමින් නැතුව පැවත්මක් නැ. මොකද එහි මුඉලිකම දෙය තමා ප්‍රෝග්‍රැමින්ග්. So ඔබ හැකර් කෙනෙක් වෙන්න හිතනවනම් අනිවා මේක ඉගෙන ගන්න ඔනේ. ඉතින් මුලින්ම ඉගෙන ගන්න language එක තීරණය කල යුතු වන්නේ ඔබමයි. (Python recomnded)
මූලිකවම අවශ්‍ය වන languages පහත පරිදි දක්වන්න පුලුවන්.
Python/ruby/perl for scripting
C/c++/java for Max performance
Bash for shell coding
Pascal /delpy & assembly for gui coding
Html/php/js /sql for web
(Lisp )
ඉතින් ඔබ මෙම languages දන්නවනම් හැකින් වල ලොකුම කොටසක් ඔබ ඉගෙන ගෙන ඉවරයි.
Resources
Python
http://tinyurl.com/LPTW-eboOk
Step 2 ------> Learn Networking
නෙට්වර්කින් කියන්නෙත් hacking ව්ලට ගොඩක් ඔනෙ වෙන subject එකක්.
Tcp/ip/udp , Dhcp වගේ protocols ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
Also Nat/ Hub &switch ,topologys වගේ දේවල් ටිකත් ඉගෙන ගන්න ඔනේ.
Resources
Computer Hardware
http://tinyurl.com/j3pfozl
Networking
http://tinyurl.com/hptfujm
TCP/IP
http://www.it-docs.net/ddata/140.pdf
===================================
Step 3 ------> Learn cryptography
Crypto කියන්නෙ සරලවම ගතහොත් යම් දෙයක් (eg . A text ) කියවන්න බැරි විදිහට එන්ක්‍රිප්ට් කරන එක. හා එය ඩික්‍රිප්ට් කරන එක.
මේ යටතේ MD5, SHA වගෙ ඇල්ගොරිතම් ගැන ඉගෙනගන්න ඔනෙ. තවත් three way handshake , ssh, https වගේ දේවල් ටික ඉගෙන ගන්න ඔනේ. (අවකලනය, සංකරන හා සංයෝජන වගේ Maths part පුලුවන්නම් ගොඩක්ම හොදයි)
Resources
===================================
Step 4------> Learn Linux/unix
ඔබ hacker කෙනෙක් වෙන්නනම් අනිව. ලින්ක්ස් කර්නල් එක ගැන ඉගෙන ගත යුතුමයි.මොකද වින්ඩොව්ස් වගේ නෙවෙයි මෙහිදී අපිට ඇතුලතින් සිදුවන දෙය දැකගත හැකියි. (සිංහලෙන්ම කිව්වොත් යූ කැන් සී අන්ඩර් ද හුඩ්.)එමනිසා ubuntu/debian වගේ os එකක් ඉන්ස්ටෝල් කරගන්න. කාලි උනත් වරදක් නෑ. Cd,cp,mv , whoami,su වගේ මූලික කමාන්ඩ්ස් හොදට හුරුකරගන්න.
Resources
Linux
http://tinyurl.com/nw9xpzy
==================================
Step 5------> Learn scanning & exploitation
ඔබ හැක් කරන්න යන්නේ networked pc එකක්නම් මේ පියවර අනිවා අවශ්‍ය වනවා.‍
Nicto, nexus, nmap වගේ sacanning tools හා metasploit, sqlmap , thc hydra වගේ tools ගැන ඉගෙන ගන්න.
Resources
Hacking For Dummies
http://tinyurl.com/ultimate-hacking
Nmap/Zenmap
http://tinyurl.com/gwaxgd4
Metasploit
http://tinyurl.com/metaltimate
=================================
අමතරව
wifi , bluetooth, arduino,rasbery pi, android , Tor, vpn & proxy, mobile phones, password cracking , brute force , wordpress, jomla , apache, sql,sql injection, html injection, xss, shells, windows os වගේ කරුනු ගැන හොද අවබෝදයක් තිබීම ගොඩක් වැදගත් වෙයි.
Resources
Nullbyte.wonderhowto, recomnded Arduino master :- #susith pulsara(මූ මේ සම්බන්දව සුපිරි වැඩ්ඩෙක්)
=================================
ඉතින් මේ ඔක්කොම ඉගෙන ගන්න වෙන්නෙ ඔයා එලයිට් කෙනෙක් වෙනවනම් විතරයි.
දැන් අපි බලමු ස්ක්‍රිප්ට් කිඩී කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා.
සරලවම කිසි දෙයක් ඉගෙන ගන්න නෑ.
1 . කාලි install කර ගන්න
2 . Wall paper එක hacking pic එකක් කරගන්න.
3. Darckcomet , nj වගේ rat ටිකක් බාගන්න.
4. C99 වගේ shell එකක් හොයාගන්න.
5. Hvij , zuse වගේ සොෆ්ට්වෙයාර් ටිකක් හොයාගන්න.
6. Now showoff
Resorces :- No i'm not writing this for you kiddie!. Just google it.
=================================
මේ පාත් දෙකෙන් එකක් සොයා ගැනීම ඔබ සතුයි.
පෝස්ට් එක දිග වැඩි වීම ගැන සමාවෙන්න.

Feedback එක අනුව මෙම එක් එක් මාතෘකා ගැන ටියුට් දාන්නම්(අවශ්‍යනම්)
Author :- Thilan Danushka Dissanayaka
All ®ights received

0 ප්‍රතිචාර (Comment):